Barbell Vs Dumbbell - බාබෙල් ද ඩම්බෙල්ද-බර ඉසිලීමේ ක්‍රීඩාවට වඩා සුදුසු කුමක්ද? - Sinhala Greeting Cards & Wishes

Latest

Sunday, September 19, 2021

Barbell Vs Dumbbell - බාබෙල් ද ඩම්බෙල්ද-බර ඉසිලීමේ ක්‍රීඩාවට වඩා සුදුසු කුමක්ද?

බාබෙල් ද ඩම්බෙල්ද-බර ඉසිලීමේ ක්‍රීඩාවට වඩා සුදුසු කුමක්ද? 

 


කායවර්ධන ව්‍යායාම මාලාවක් සැලසුම් කිරීමේදී එක් එක් අවස්ථා වලට ගැලපෙන්නේ බාබෙල්ද ඩම්බෙල්ද යන්න තෝරා ගැනීම මදක් අපහසු කටයුත්තක්.මෙම ඩම්බෙල් හා බාබෙල් දෙකෙහිම එකිනෙකට අවේණික ගුණ හා අගුණ පවතිනවා.

 


බාර්බෙල් හා ඩම්බෙල් අතර දෝලනය වන විට ඔබට අවශ්‍ය ඉලක්කය හා ඔබගේ සිරුරට සුදුසු කුමක්ද යන්න සැලකිය යුතු වනවා. ඔබ ආධුනික නම් ඔබ ඩම්බෙල් වලින් ආරම්භ කිරීම සුදුසු වනවා.ඩම්බෙල් මගින් ඔබගේ සිරුරේ වන යම්කිසි ශක්තිමය අසමබරතාවන් අවම කිරීමට උපකාරී වනවා.

බාබෙල් භාවිතයේදී ඔබ අපහසු ව්‍යයාමයක් සම්පූර්ණ කිරීමට ඔබගේ වඩා සවිමත් පැත්ත යොදා ගැනීම සිදු කල හැකියි.අනෙක් අතට ඩම්බෙල් ඔබගේ සිරුර අඛණ්ඩව සමාකාරව ක්‍රියා කරන බව තහවුරු කරනවා.සමහර අවස්ථා වලදී ඩම්බෙල්ද බාබෙල් ද යන්න තෝරා ගැනීම අපහසු වුවද එක් අතකින් කරන ව්‍යායාම වලදී නම් ඩම්බෙල් වඩා සුදුසු වනවා. ඔබ පරිණත අයෙක් හා වඩා හොඳ මස් පිඬු වර්ධනයක් බලාපොරොත්තු වනව නම් බාබෙල් ඔබට වඩා වැඩි බර ප්‍රමාණ සවීමට අවකශ සලසනවා.

මෙසේ වැඩි බරවල් එසවීම සමස්ථ මස් පිඬු වර්ධනයට දායක වනවා.ඔබ පාද වලට squats වැනි ව්‍යායාම කිරීමේදී මෙය අදාල වෙනවා.ඔබ වඩා සවිමත් වන විට වැඩි මස් පිඬු ප්‍රමාණයක් වර්ධනය කරගැනීමට නම් මස් පිඬු වලට දැනෙන ආතතිය වැඩි කල යුතු වනවා.මෙය පාද වලට ව්‍යායාම කිරීමට වඩා ගැලපෙනවා.ඩම්බෙල් බාබෙල් තරඟයෙන් බාබෙල් දිනුම ලබනවා. 


 

squats කිරීමේදී ඔබ ඉතා බර ඩම්බෙල් යුගලක් ගෙන අපහසුවට පත් වීම අවශ්‍ය වන්නේ නැහැ.ඒ වෙනුවට බාබෙල් එකක් කර මත තබා ගනිමින් squats කිරීම වඩා හොඳ ප්‍රථිපල ලබා දේ. හර සිරුර ගැන සැලකීමේදී නම් බාබෙල් ඩම්බෙල් දෙකටම වඩා හොඳ ප්‍රථිපල ලබා දිය හැකියි.

bent over rowing බාබෙල් හෝ ඩම්බෙල් මගින් ඔබගේ කැමැත්ත මත කල හැක.මෙය සිදු කිරිමේදී පාද පටුව තබා ගෙන over hand grip එකෙන් බාර් එක හෝ ඩම්බෙල් එක අල්ලා ගත යුතුයි.ඉන් පසුව දනහිස් මදක් නැවෙන සේ හා බාර් එක හෝ ඩම්බෙල් පෙරට සිටින සේ ඉදිරිය නැමිය යුතුයි.පසු ප්‍රදෙශයේ පේශී භාවිතා කරමින් බර උදරය දෙසට ඇදිය යුතුයි.ඉන් පසුව බර සෙමෙන් පහත් කරමින් ආරම්භක ඉරියව්වට පැමිණිය යුතු වේ. 

නිවසේදී කරන ව්‍යායාම වලට නම් ඩම්බෙල් සුදුසු වනවා.බාබෙල් ගබඩා කිරිමට වැඩි අවකාශයක් අවශ්‍ය වනවා.එසේම බාබෙල් භාවිතයේදී ඔබට සහයකයෙක්ද අවශ්‍ය වනවා.ඔබට සහය දීමට මිතුරෙක් නිවසේ නොසිටී නම් තරඟය දිනන්නේ ඩම්බෙල්මයි.

ඩම්බෙල් සෙට් එකක් වඩා පහසුවෙන් ගබඩා කල හැකි අතර වඩා ආරක්ශාකාරීද වේ. බාබෙල් වලට දිනුම ලැබෙන තවත් අවස්ථාවක් වන්නේ ඔබ අධි තීව්‍ර ව්‍යායාම වල යෙදීම වේ.මෙම ව්‍යායාම වලදී මස් පිඬු වලට විශාල ආත්තියක් එල්ල කල යුතු වනවා.එහිදී බාබෙල් යොදා ගනීම අනිවර්යයි.එවන් බලයක් ඇති කිරීමට ඩම්බෙල් සහය වන්නේ නැත. සාරංශ කිරීමේදී මෙහි පැහැදිලි ජයග්‍රාහකයෙක් නොමැත.එක් එක් අතට වෙන වෙනම ව්‍යායාම කරනවානම් ඩම්බෙල් වඩා සුදුසුය.පාද වලට වෙන වෙනම ව්‍යායාම කිරීමටද අවශ්‍ය නම් එයටද ඩම්බෙල් සුදුසු වනවා.


 

එක විටම අත් දෙටම හෝ පාද දෙකටම ව්‍යායාම ක්‍රීමට අවශ්‍ය නම් සුදුසු වන්නේ බාබෙල්ය.නිවසේ භාවිතයට නම් සුදුසු වන්නේ ඩම්බෙල්.අධි තීව්‍ර ව්‍යායාම වලට සුදු වන්නේ නම් බාබෙල්.එම නිසා ඔබට වඩා වාසිදායක දෙය ඔබ අවස්ථාව අනුව තෝරා ගැනීමට වග බලා ගත යුතුයි.

No comments:

Post a Comment

webflow web design / figma to webflow / adobe xd to webflow / webflow animation