මස් පිඬු වර්ධනයට අධි ප්‍රෝටීන ආහාර- අධි ප්‍රෝටීන ආහාර ගැන සත්‍ය. - Sinhala Greeting Cards & Wishes

Latest

Sunday, September 19, 2021

මස් පිඬු වර්ධනයට අධි ප්‍රෝටීන ආහාර- අධි ප්‍රෝටීන ආහාර ගැන සත්‍ය.

 මස් පිඬු වර්ධනයට අධි ප්‍රෝටීන ආහාර- අධි ප්‍රෝටීන ආහාර ගැන සත්‍ය.




මස් පිඬු වර්ධන අධි ප්‍රෝටීන ආහාර ගණයට මාළු,මස් හා බිත්තර අයත් වේ.උපරිම ප්‍රථිපල ලබා ගැනීමට  වඩා වැදගත්ම ප්‍රොශණාතිරේකය වන්නේද ප්‍රෝටීනයි.ඔබට ආහාර වලින් ලබා  ගැනීමට නොහැකි නම් whey protein,casein protein,soy protein ,egg white protein powder වැනි පිටි ආකාරයෙන් ලබා ගත හැක.මනා ක්‍රියාකාරීත්වයක් සඳහා සිරුරට ප්‍රෝටීන අත්‍යාවශ්‍ය වන අතර ප්‍රෝටීන රහිතව දින දෙක තුනක් ගත කල හොත් ඔබගේ මස් පිඬු හානි වන අතර ඍණාත්මක සෞඛ්‍ය බලපෑම් ඇති කරයි.එසේම හොඳ ප්‍රථිපල ලබා ගැනීමට ඉතා විශාල වශයෙන් ප්‍රෝටීන අවශ්‍ය වන්නේද නැහැ.

දේහ බර රාත්තල් එකකට ප්‍රෝටීන ග්‍රෑම් 1-1.5 ලබා ගැනීම සුදුසුයි.ප්‍රෝටීන වල කැලරි අඩංගු නිසා ආහාර වේලක් සැලසුම් කිරීමේදී එය සැලකීම වැදගත්.ඔබ මස් පිඬු වර්ධනයට අධිකව අධි ප්‍රොටීන ආහර ගන්නවානම් මෙය වැදගත් සාධකයක්.සෑම ආහාර වේලකටම ප්‍රෝටීන මූලාශ්‍රයක් එක් කර ගැනීමට ඔබ උත්සහ කල යුතුයි.උදාහරණ ලෙස කුකුළු හෝ කළුකුම් පපු ප්‍රදෙශ,රතු පැහැති මස්,බිත්තර ,මාළු හා අඩු මේද කිරි නිශ්පාදන දැක්විය හැකියි.ඔබ මේවා අධිකව ලබා  ගතහොත් ඔබට අවශ්‍ය ප්‍රථිපලය නොව අනවශ්‍ය නරක  ප්‍රථිපල ලැබේ.අතිරික්ත ප්‍රෝටීන පේශී මේදය ලෙස තැම්පත් වීම සිදු වේ.

 


 

ලැක්ටෝස් අමර්ෂමය තත්ව නිසා කිරි ආහාර පරිභෝජනය නොකර අයට ඉතා හොඳ ප්‍රථිපල ලබ දෙන අනෙක් විකල්පය වන්නේ බිත්තර සුදුමද ප්‍රෝටීන් පව්ඩර් වේ.ඉතා හොඳ ඇමිනෝ අම්ල පැතිකඩක්  හා ඉතා පහසුවෙන් මෙය ජීර්ණය කල හැකි වේ.එම ප්‍රෝටීන රසකින් තොර වන අතර ඔබ දැනට භාවිතා කරන ආහර සමඟ මිශ්‍ර කරගත හැක.

අධික ප්‍රෝටීන අනුභවය දේහ ජල අවශ්‍යතාවය වැඩි කරන අතර විජලන තත්ව ඇති කිරීමට හේතු වේ.මෙය සිදු වන්නේ අධි ප්‍රෝටීන නිසා ලැබුන අතිරික්ත නයිට්‍රජන් ඉවත් කිරීමට වකුගඩු වලට වැඩිපුර ජලය අවශ්‍ය වීමයි.තීව්‍ර ව්‍යායාම මාලාවකට පසුව ලබා ගන්න අධි ප්‍රෝටීන හා මේද ආහාර පේශී ග්ලයිකොජන් ප්‍රතිස්ථාපණය අවම කර ඔබගේ කුසලතාවය අඩු කරයි.එවන් ආහාර ජීර්ණය අපහසු නිසා කුසපුරවා දැමූ ගතියක් දැනීමට ඉඩ ඇත.එසේම එවන් අධික ප්‍රෝටීන සැපයුමක් සඳහා වැය වන මිලද ඉතා  අධික වේ.මස් පිඬු වර්ධයේදී ගන්න ප්‍රෝටින පව්ඩර්,බිත්තර,මස් මාංශ වල මිල ගැන සිතන්න.ඔබගේ නියමිත ශරීර ස්වභාවය වෙනතකට රැගෙන යන ඉතා අධික ප්‍රෝටීන සැපයුමක් ලබ ගැනීමට නොව සමබර ආහාර ලබා ගැනීමට ඔබ මුදල් වැය කල යුතුයි.

ඔබ ඉතා අධිකව ප්‍රෝටීන ලබා නොගත යුත්තේ එය ඔබට ඉතා ඉක්මනින් මස් පිඬු වර්ධනයට හේතු නොවන බැවිනි.ඔබ අවශ්‍ය ප්‍රමාණයට වඩා ලබා ගත් විට සිදු වන්නේ ඒවා මේද ලෙස තැම්පත් වීමයි.එය ඔබ බලාපොරොත්තු වන මස් පිඬුමය සිරුරෙන් ඔබව ඉවත් කරනු ලබනවා.මෙසේ අධිකව ප්‍රෝටීන ලබා ගැනීම මේද තම්පත් වීමට හේතු වන නිසා ඔබට එම මේද ඉවත් කර ගැනීමට ජිම් එක තුලදී දැඩිව වෙහෙසීමට සිදු වේ.එම නිසා ඔබ දේහ බර රාත්තල් එකකට ප්‍රෝටීන ග්‍රෑම් 1-1.5  ලබා ගනීමට වග බලා ගත යුතුයි.

 


ඔබ සෑම සතියකම අවශ්‍ය ප්‍රමාණයට ප්‍රෝටීන ලබා ගැනීම තහවුරු කිරීම මස් පිඬු වර්ධනයට ඉතා වැදගත් වේ.ඔබ සිරුරට වාසිදායක නොවන අධික ප්‍රෝටීන ලබා ගැනීමන් තොරව සිරුරට හිතකර ප්‍රමාණයක් ලබා ගැනීම වැදගත්.ප්‍රෝටීන පව්ඩර් වල අඩංගු නොවන බොහෝ පෝශක රතු මාංශ වල ඇති නිසා ප්‍රෝටීන ආහාරයක් ප්‍රතිස්ථාපණයට පව්ඩර් එක යොදා ගැනීමෙන් වලකින්න.නමුත් පව්ඩර් ආහාර වේලටම එක් කර ගැනීමෙන් ඉතා වැඩි වාසි ලබා ගත හැකියි.ඔබ ප්‍රෝටීන අධික ප්‍රමාණ වලින් ලබා ගැනීමට පෙර ඔබගේ අවශ්‍යතා හා ඔබ ව්‍යායාම් මාලවන් තුල සිටින තත්වය සැලකීම ඉතා වැදගත්.මධ්‍යස්ථ ප්‍රමාණ වලින් ප්‍රෝටීන ලබා ගැනීම ඉතා හොඳ අතර ඉතා අධිකව ලබා ගැනීම හානිකර වේ.

No comments:

Post a Comment

webflow web design / figma to webflow / adobe xd to webflow / webflow animation