උදර මේදය අඩු කර 6 pack උදරයක් ලබා ගන්න පියවර 4ක්. - Sinhala Greeting Cards & Wishes
Scc8afcffa7ef47c78a312a0db7325c96A

Wednesday, October 13, 2021

demo-image

උදර මේදය අඩු කර 6 pack උදරයක් ලබා ගන්න පියවර 4ක්.

 උදර මේදය අඩු කර 6 pack උදරයක් ලබා ගන්න පියවර 4ක්.

 

.com/img/a/

උදරයේ ඇති මේදය ඉතාමත් පීඩාකාරී වේ.එය අවලස්සන  පමණක් නොව එය සෞඛ්‍යටද ඉතා අහිතකර බලපෑම් එනම් දියවැඩියාව,අධිරුධිර පීඩනය ,හෘදයාබාධ ආදිය ඇති කරයි. ඔබට එම අවලස්සන උදර මේදය ඉවත් කර හැඩැති උදර ප්‍රදේශයක් ලබා ගැනීමට පහත උපදෙස් 4 උත්සහ කර බැලිය හැක.

 

1. දෛනිකව අඩු තීව්‍ර ව්‍යායාම කරන්න.

පිරිමින්ගේ අනවශ්‍ය මේදය උදරයේද,ගැහැණුන්ගේ කලවා ප්‍රදේශයේද තැම්පත් වේ.ඔබට අමතර කැලරි දහනය කිරීමට ව්‍යායාම කල යුතු වන අතර ඒ සඳහා අධි තීව්‍ර ව්‍යායාම කිරීමට අවශ්‍ය වන්නේ නැත. එයට හේතුව වන්නේ අධි තීව්‍ර ව්‍යායාම වලදී ව්‍යායාම අතර විවේකය අඩු නිසා එය මේද දහනය එතරම් සුදුසු නොවීමයි. උදර මේදය දහනය කර ගැනීමට කල හැකි සුදුසුම දෙය වන්නේ අඩු තීව්‍ර ස්වායු ව්‍යායාම කිරීම වේ, එනම් වේගයෙන් ඇවිදීම,සෙමෙන් දිවීම ආදිය.ඔබට එළිමහනේ ව්‍යායාම කිරීමට රුචිකත්වයක් නැතිනම් ඔබ ජිම් එකට ගොස් එහි බයිසිකල් පැදීම,ට්‍රෙඩ්මිල් එකේ දිවීම ආදිය කල හැක.ඔබට නිවසේ එම උපකරණ තිබේ නම් ඔබට පහසුවෙන් ඕනෑම වේලාවක ව්‍යායාම කල හැකි වේ.ඔබ අඩු තීව්‍ර ව්‍යායාම ඔබට හැකි සෑම විටම කල යුතු වන අතර දෛනිකව කල හැකි නම් ඉතා හොඳය.

 

2. ඔබගේ උදරය හැඩ කර ගන්න.

.com/img/a/

 

ඔබට weighted crunches මගින් 6 pack ලබා ගත හැක.මෙහිදී ඔබ ව්‍යායාමය කරන බර ක්‍රමයෙන් වැඩි කල යුතුය. මෙයට ඔබට weighted crunch machine එක භාවිතා කල හැක. බිම වැතිර හැඩලය හිසට පිටුපසින් තබා ගන්න. හැඩලය අල්ලගෙන අදින්න.ඔබගේ උදර පේශී ආධාරයෙන් උරහිස ඇතුලු කවන්ධය පොලවෙන් ඉහලට ඔසවන්න. කාර්‍යක්ශම ව්‍යයාම මාලාවක් සඳහා ඔබ තෝරා ගන්නා බර වාර 8ක් 12ක් කල හැකි බරක් විය යුතුය. ඔබට බර වැඩි කිරීමට අවශ්‍ය නම් ඔබ ඔබගේ උදරය තප්පර 5ක් සංකෝචනය කරගෙන සිටිය හැකි තෙක් වැඩි කරන්න. කරන සෑම විටම 10%කින් බර වැඩි කිරීමට උත්සහ ගන්න.

 

3. ඔබගේ ඉහල සිරුර පලල් කර ගන්න.

ඔබගේ ඉහල සිරුර පලල් කර ගැනීම මගින් මහත උදරය සඟවාලිය හැක.ඔබට ඔබගේ උදරය හැඩ කරගන්නා අතර ඉහල සිරුර විශාල කර ගනීම මගින් v හැඩැති සිරුරක් ලබා ගත හැක.මේ සඳාහා කල හැකි හොඳම  ව්‍යායාමය වන්නේ lat pulldown එකයි.

 

4. අඛණ්ඩ මිනුම් ලබා ගන්න.

ඔබ දෛනිකව තරාදියෙන් බර මැනීම අවශ්‍ය වන්නේ නැත.ඒමගින් ඔබට මානසික අවපීඩනයට ලක් කරයි.ඒ වෙනුවට ඔබට ඔබගේ මේද ප්‍රතිශතය හා මිනුම් පටියක් ආධාරයෙන් දේහ මධ්‍ය කොටස සතියකට වරක් මැනිය හැක.ඉතා සුළු දියුණුවක් වුවද ඔබගේ උදර මේදය අවම කර හැඩැති උදරයක් ලබා ගැනීමේ අරමුණ ඔස්සේ යෑමට මනා පිටුබලයක් වනු ඇත.




No comments:

Post a Comment

undefined

Contact Form

Name

Email *

Message *