මේදය දහනය කර පේශී වර්ධනය කරන්නේ කෙසේද? - ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනයේ කාර්යයන් - Sinhala Greeting Cards & Wishes
Scc8afcffa7ef47c78a312a0db7325c96A

Wednesday, October 20, 2021

demo-image

මේදය දහනය කර පේශී වර්ධනය කරන්නේ කෙසේද? - ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනයේ කාර්යයන්

 මේදය දහනය කර පේශී වර්ධනය කරන්නේ කෙසේද? - ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනයේ කාර්යයන්

.com/img/a/


ඔබත් අධිබර පුද්ගලයෙක් නම්, මේදය දහනය කරන අතරම පේශීන් වර්ධනය කර ගැනීමටද වෙහෙසිය යුතුය.  මෙලෙස මේදය දහනය කරන අතර මාංශ පේශින් වර්ධනය කිරීම ඔබ සිතන තරම් අපහසු දෙයක් නොවේ.  ඒ සදහා ඔබගේ උනන්දුව හා කැපවීම අනිවාර්යයෙන්ම තිබිය යුතු අතර, ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම මේද දහනයට හා පේශී වර්ධනය සදහා බලපාන ආකාරය පිළිබඳව සළකා බැලිය යුතුය.  පහත දැක්වෙන සාධක තුන සළකා බැලීම මගින් ඔබගේ ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම වැඩි  කරගැනීමටත් එමගින් ස්වභාවිකවම මේද දහනය කිරීමටද  හැකියාව ලැබේ.

ඔබ ගන්නා ආහාර


මෙය එතරම් වැදගත් දෙයක් ලෙස නොපෙනුන් බොහෝ දෙනා නිවැරදිව ආහාර නොගැනීම හේතුවෙන් පේශී වර්ධනය කර ගැනීමට මෙන්ම මේද දහනය කර ගැනීමටද නොහැකිව සිටියි. කඩචෝරු ආහාරයට ගැනීම,ප්‍රමාණවත් තරම් ජල‍ය පානය නොකිරීමෙන් විජලනයට පත් වීම මගින් ඔබගේ පේශි වර්ධනය කරගැනීමට කෙසේවත් නොහැකිය. එලෙසම තමා ගන්නා කැලරි ප්‍රමාණයට සාපේක්ෂව ඉතා කුඩා කැලරි ප්‍රමාණයක් දහනය කිරීම මගින් මේද දහනය කිරීම අපහසුය.  ස්වසන ව්‍යායාම කිරීම මේද දහනයට මගය. එමෙන්ම මේ සදහා ඔබට අවශ්‍ය ඉන්ධන ලෙස මේදය මෙන්ම කාබෝහයිඩ්‍රේට ද ආහාරයට ගත යුතුය .එළවළු හා පළතුරු වැඩිපුර ආහාරයට ගැනීම මගින් ශරීරයට අවශ්‍ය විටමින් හා ඛනිජ ලවණද, පේශී වර්ධනය කර ගැනීමට ප්‍රෝටීන් බහුලවද ආහාරයට ගත යුතුය .


ඔබගේ මානසික තත්වය

ඔබ මානසික ආතතියෙන් සිටින විට එයට ප්‍රතිචාරයක් වශයෙන් ඇඩ්රිනලින් , කෝටිසෝල් වැනි මේද තැන්පත් වීම වැඩි කරන හා පේශි බිද වැටීම ඉහළ යවන හෝර්මෝන වැඩිපුර ස්‍රාවය වේ. එමනිසා කාර්යක්ෂම ලෙස මේද දහනය කිරීමටත්, පේශි වර්ධනය වීමටත් කිසි දෙයක් ගැන ඕනෑවට වඩා නොසිතා සරළව සතුටෙන් ජීවත් වන්න.


ඔබ ව්‍යායාම කරන ආකාරය

ඔබ ව්‍යායාම කරන ආකාරය ඔබට ලැබෙන ප්‍රතිඵල වලට කෙළින්ම බලපායි. විවිධ අධ්‍යයනයන්ට අනුව  විනඩි 45- පැය 1 ක් අතර කාලයක් අධි තීව්‍ර ව්‍යායාම කිරීම සදහා සුදුසුම කාලයයි. එහිදී ශරීරයේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඉහළ යයි. නමුත් මීට වඩා වැඩි කාලයක් ව්‍යායාම කරන විට , ඉහත සදහන් කළ කෝටිසෝල් වැනි අපවෘත්තිය හෝර්මෝන ස්‍රාවය වීම ඉහළ යයි. එවිට පේශීන් බිද වැටීම ඉහළ යයි. එමනිසා, ඔබත් ව්‍යායාම කිරීමේදී පැයකට අඩු කාලයක් යොදවන්න.

 

 

 

No comments:

Post a Comment

undefined

Contact Form

Name

Email *

Message *